Friday, July 18, 2014

බයිබලයෙන් ජීවිතයට..

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය මිදීමේ මිලයක් කොට අප වෙනුවෙන් පුද කල සේක.

උන්වහන්සේගේ ප්‍රේමයට සීමවක් නැත.තම ජීවිතය රුදු කුරුසියක පූජා කිරීමට තරම් උන්වහන්සේ මනුෂ්‍යයා කෙරෙහි ප්‍රේමවන්ත විය.

එසේ වූ ප්‍රේමය පරිත්‍යාගශීලීය. ප්‍රේමය නිකලැල් වූ පූජාවක් ලෙසින් එකිනෙකා කෙරෙහි පැවතීම අපට බොහෝ සෙයින් ප්‍රේම කරන්නාවූ දෙවියන්වහන්සේගේ දිව්‍යයමය කැමැත්ත වේ. උන්වහන්සේ මනුෂ්‍යයන් වන අපගෙන්ද බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපද එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් යුතුව හැසිරීමයි.

ඔබට දෙවියන්වහන්සේ බොහෝ සෙයින්ප්‍රේම කරන සේක්වා!!!

Tuesday, July 1, 2014

බයිබලයෙන් ජීවිතයට

පීඩා විදින්නාගේ යුක්තිය,සාධාරණය දෙවියන්වහන්සේගෙන්ය.කිතුණු ජීවිතයේදී අප කෙතරම් පීඩා ලැබුවද ඒ සියලු පීඩාවන්හිදි ඉවසීමෙන් යුතුව උන්වහන්සේ කෙරෙහි අප බලා සිටී නම් උන්වහන්සේ අප සියල්ලන් උදෙසා යුක්තිය ඉටු කරන සේක.

1 පේතෘස් 2:20 සදහන් වන්නේ අප යහපත් දේ කොට ඒ ගැන පීඩා ලබන කල ඉවසන්නෙහි නම් එය දෙවියන්වහන්සේ තුළ ඉතා ප්‍රශංසනීය දෙයක් බවයි.

එනම් . අප කෙතරම් යහපත් ක්‍රියා කරතත් පීඩා ලබන්නෙහි නම් එමෙන්ම එම පීඩාව ඉවසීමෙන් යුතුව දරාගන්නෙහි නම් දෙවියන්වහන්සේ එම සියලු ධර්මිෂ්ඨ ක්‍රියාවන්හි ප්‍රකාරයට යුක්තිය, සාධාරණය ඉෂ්ඨ කරන්නට සූදානම්ව සිටින බවය.

සියල්ල දරාගනිමින්,ඉවසීමෙන් යුතුව ගමන් කරන්නාවූ සියල්ලන් හට යහපත හා යුක්තිය ඉෂ්ඨ කරන්නට උන්වහන්සේ බැදී සිටින සේක.

බයිබලයෙන් ජීවිතයට

කිසිදා වෙනස් නොවන සදාතනික ප්‍රේමය නම් දෙවියන්වහන්සේය. කිතිණු ජීවිතය තුළ උන්වහන්සේ තරම් අපට පෙම් කල කිසිවෙක් නැත. මනුෂ්‍යයන් ලෙසින් කෙතරම් පුද්ගලයන් අප ජීවිත තුළ රැදී සිටියද, සැබෑ ලෙසින් අප ජීවිතයේ සෑම අවස්ථාවකදීම අප සමගින් නොවෙනස්ව රැදී සිටින්නේ සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේය.

උන්වහන්සේ දුකේදී ඉතා ළං වූ පිහිටක්ය. අප විනාශ නොවුනේද උන්වහන්සේගේ නොවෙනස් වන ප්‍රේමයත්,කරුණාවත් නිසාය.
උන්වහන්සේ පැවසුවේ මවක් තම කිරි දෙන දරුවාව අමතක කලත් මා නම් නුඹව අමතක නොකරන බවයි.

අප වෙනස් වුවත්  උන්වහන්සේ අප කෙරෙහි කිසිදාක වෙනස් නොවන සේක. සදාතනික  ප්‍රේමයෙන් අප සමග සැමදා එකලෙස රැදී සිටින සේක.

God Answers in 3 ways

God often answers prayer in the
following ways:

1. “Yes, you may have it.”

2. “No, that is not good for
you.”

3. “Wait, I have something
better for you.”

**“My grace is sufficient for
you” ( 2 Cor. 12:9 )

When He answers yes, it’s easy to
say, “Praise the Lord!” But when
He says otherwise, we have a hard
time finding reasons to praise Him.
Sometimes we don’t take “no” for
an answer, and we keep praying!
Or we look for a reason why He
didn’t answer our request.

But Scripture never says God will give us exactly what we ask for every
time. He is sovereign. He has the
right to say “no” according to His
infinite wisdom. Oftentimes, it’s for
our protection.

Sometimes, God wants to answer
our prayer, but the timing isn’t
right. Again, He is sovereign, and
His timing is perfect.

God also answers “My grace is
sufficient.” We may pray for years,
yet our circumstances remain
unchanged. God seems
unresponsive and heaven is silent.
In many cases, the problem isn’t the
length, intensity, or nature of our
prayers. Oftentimes, God is up to
something we don’t know about,
something much bigger than we
were expecting.

Something that may require a different answer than the one we anticipated.But rest assured that if God isn’t removing your particular “thorn,”

His grace is sufficient. By an act of
our will, we can decide to trust that
God knows what He’s doing, even
when there’s no logical or rational
explanation for our circumstances.

The Father is not offended when we
ask, “Why?” But He’s overjoyed
when we trust Him, even though He
may choose not to explain.

God always answers the prayers of
His children. As we learn to pray,
we will learn to discern His methods
God Bless You!!!

බයිබලයෙන් ජීවිතයට

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගත් අප සැමහට ලෝකයා විසින් වෛර කරනු ලබන්නෝය. එසේ ලෝකයා විසින් කෙතරම් පීඩා කළද, ස්වර්ගයෙහිදී අප ආරම්භ කරන නව ජීවිතයේදී අපගේ නැවත උත්ථාපනය වූ ශරීරයන්, සම්පූර්ණව එක් හිස කෙසක්වත් අඩු නැතිව පවතින බවත් එහිදී අපගේ ආත්මික ශරීරයන් දෙවියන්වහන්සේ විසින් සුරකිනු ලබන බවත් දේව වචනයේ සදහන් වේ.

එසේම, ලෝකයා සහ ක්‍රිස්තුස්වහන්සේව එකවර අනුගමනය කිරීම අපට කළ නොහැක.තමාගේ කුරුසය රැගෙන උන්වහන්සේ සමග ගමන් කරන තැනැත්තාට ස්වර්ග රාජ්‍යයයෙහි උරුමය ලැබිය හැකිය.නිවැරදි මාර්ගය තෝරා ගැනීම ද අප සතුය.

බයිබලයෙන් ජීවිතයට

මනුෂ්‍යයන් ලෙස අප උපතේදීම පාපය දරාගෙන ඉපදීමු. නුමුත් අප පාපයන් වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය මිදීමේ මිලයක් කොට කුරුසපත් වූ සේක. එනයින් අපගේ පාප වලට කමාව,මිදීම උන්වහන්සේ තුලින් වේ. නමුත් ඒ සදහා යටහත් පහත් වූ සිතක් උන්වහන්සේ බලාපොරොත්තුවේ.

තම සිත් සෝදිසි කර තම පාප කියාදී යටහත් පහත් වූ සිතින් උන්වහන්සේට ලංවන්නා වූ කවරෙකුට නමුත් සියලු පාප වලට කමා කරන්නටත් සියලු අපවිත්‍රකමින් පිරිසිදු කරන්නටත් උන්වහන්සේ සූදානම්ව සිටින සේක.

Fruits of the Holy Spirit ශුද්ධාත්ම ඵල

නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම් - ප්‍රේමය,ප්‍රීතිය,සමාදානය,ඉවසිලිවන්තකම,කරුණාවන්තකම,යහපත්කම,විශ්වාසකම,මෘදුකම,පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.මෙබදු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
(ගලාති 5:22-23)

ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන ජීවත් වන්නා තුළ මෙම සියලු ඵල වල පූර්ණත්වයෙහි හැසිරීම කිතුණු ජීවිතයේදී ඉතාවැදගත් වේ.