Tuesday, July 1, 2014

බයිබලයෙන් ජීවිතයට

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගත් අප සැමහට ලෝකයා විසින් වෛර කරනු ලබන්නෝය. එසේ ලෝකයා විසින් කෙතරම් පීඩා කළද, ස්වර්ගයෙහිදී අප ආරම්භ කරන නව ජීවිතයේදී අපගේ නැවත උත්ථාපනය වූ ශරීරයන්, සම්පූර්ණව එක් හිස කෙසක්වත් අඩු නැතිව පවතින බවත් එහිදී අපගේ ආත්මික ශරීරයන් දෙවියන්වහන්සේ විසින් සුරකිනු ලබන බවත් දේව වචනයේ සදහන් වේ.

එසේම, ලෝකයා සහ ක්‍රිස්තුස්වහන්සේව එකවර අනුගමනය කිරීම අපට කළ නොහැක.තමාගේ කුරුසය රැගෙන උන්වහන්සේ සමග ගමන් කරන තැනැත්තාට ස්වර්ග රාජ්‍යයයෙහි උරුමය ලැබිය හැකිය.නිවැරදි මාර්ගය තෝරා ගැනීම ද අප සතුය.

No comments:

Post a Comment