යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය මිදීමේ මිලයක් කොට අප වෙනුවෙන් පුද කල සේක.
උන්වහන්සේගේ ප්‍රේමයට සීමවක් නැත.තම ජීවිතය රුදු කුරුසියක පූජා කිරීමට තරම් උන්වහන්සේ මනුෂ්‍යයා කෙරෙහි ප්‍රේමවන්ත විය.
එසේ වූ ප්‍රේමය පරිත්‍යාගශීලීය. ප්‍රේමය නිකලැල් වූ පූජාවක් ලෙසින් එකිනෙකා කෙරෙහි පැවතීම අපට බොහෝ සෙයින් ප්‍රේම කරන්නාවූ දෙවියන්වහන්සේගේ දිව්‍යයමය කැමැත්ත වේ. උන්වහන්සේ මනුෂ්‍යයන් වන අපගෙන්ද බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපද එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් යුතුව හැසිරීමයි.
ඔබට දෙවියන්වහන්සේ බොහෝ සෙයින්ප්‍රේම කරන සේක්වා!!!
No comments:
Post a Comment