Tuesday, July 1, 2014

බයිබලයෙන් ජීවිතයට

පීඩා විදින්නාගේ යුක්තිය,සාධාරණය දෙවියන්වහන්සේගෙන්ය.කිතුණු ජීවිතයේදී අප කෙතරම් පීඩා ලැබුවද ඒ සියලු පීඩාවන්හිදි ඉවසීමෙන් යුතුව උන්වහන්සේ කෙරෙහි අප බලා සිටී නම් උන්වහන්සේ අප සියල්ලන් උදෙසා යුක්තිය ඉටු කරන සේක.

1 පේතෘස් 2:20 සදහන් වන්නේ අප යහපත් දේ කොට ඒ ගැන පීඩා ලබන කල ඉවසන්නෙහි නම් එය දෙවියන්වහන්සේ තුළ ඉතා ප්‍රශංසනීය දෙයක් බවයි.

එනම් . අප කෙතරම් යහපත් ක්‍රියා කරතත් පීඩා ලබන්නෙහි නම් එමෙන්ම එම පීඩාව ඉවසීමෙන් යුතුව දරාගන්නෙහි නම් දෙවියන්වහන්සේ එම සියලු ධර්මිෂ්ඨ ක්‍රියාවන්හි ප්‍රකාරයට යුක්තිය, සාධාරණය ඉෂ්ඨ කරන්නට සූදානම්ව සිටින බවය.

සියල්ල දරාගනිමින්,ඉවසීමෙන් යුතුව ගමන් කරන්නාවූ සියල්ලන් හට යහපත හා යුක්තිය ඉෂ්ඨ කරන්නට උන්වහන්සේ බැදී සිටින සේක.

No comments:

Post a Comment